Skip to main content

SFT _ ක්ෂුද්‍ර ජිව විවිඩත්වය_Microbial Diversity

SFT _ ක්ෂුද්‍ර ජිව විවිඩත්වය

ක්ෂුද්‍ර ජීවී විවිධත්වය ....

  • පියවි ඇසින් දැකිය නොහැකි ජීවීන්ර ක්ෂුද්‍ර ජීවීන් නම් වේ .
  • ඇන්ටි වොන් ලීවන් හුක් නැමැත්තා විසින් ප්‍රථම වතාවට ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කර ඇත .
  • ක්ෂුද්‍ර ජීවීන්ගේ දේහ ප්‍රමාණය 0.1mm වඩා කුඩාය.මැනිය හැක්කේ um, nm වලිනි .

ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වන ප්‍රදේශ

(ක්ෂුද්‍ර ජීවීන් ජීවත් නො වන පරිසරයක් නොමැත .)
පස,වාතය ,ජලය,ජීවී දේහ තුළ ,අධි ආම්ලික පරිසර, වල උණුදිය උල්පත් වල ද ජීවත් වේ .

උණු දිය උල්පත් වල
-Thermophilus aquaticas
දැව ප්‍රදේශ වල
-Pesudomonas spp


ක්ෂුද්‍ර ජීවීන්ගේ සර්ව ව්‍යාප්තියට හේතු

  1. ප්‍රමාණයෙන් කුඩා වීම .
  2. ඕනෑම පරිසරයක ජීවත් වීමට හැකි වීම.
  3. ජනන කාලය අඩු වීම.
  4. අධික පරිවෘත්තීය වේගය.
  5. ස්වසන විවිධත්වය.
  6. පෝෂණ විවිධත්වය.
  7. අධික ප්‍රජනන වේගය .

ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධත්වය __

  1. රූපීය විවිධත්වය
  2. පෝෂණය විවිධත්වය
  3. ස්වසන විවිධත්වය

1.රූපීය විවිධත්වය ....

ක්ෂුද්‍ර ජිවින් 0.1mm වඩා කුඩාය. සියලු ජීවීන් නිරීක්ෂණය කිරීම සඳහා ආලෝක අන්වික්ෂය සුදුසු නොවේ.
ඒ සඳහා ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය භාවිත කරයි .

සුන්‍ය නෂ්ටික සෛල ව්‍යුහයන්
10um - 100um
ප්‍රාග්න්‍යෂ්ටික බැක්ටීරියා
1 um-10um
වෛරස්
30nm -100nm


ප්‍රාග්නෂ්ටික හා සූන්‍යෂ්ටික ජීවීන්

ක්ෂුද්‍ර ජීවීන් සෛලීය සංවිධාන ය අනුව ප්‍රාග් න්‍යෂ්ටික හා සුන්‍ය න්‍යෂ්ටික ලෙස බෙදා දැක්විය හැකිය.

ප්‍රාග් න්‍යෂ්ටික ජිවින්

ක්ෂුද්‍ර ජීවින් අතර සංකීර්ණ බවින් අඩු සෛල සංවිධානයක් ඇති (සංවිධානය වූ න්‍යෂ්ටියක් නැති ජීවීන්) ප්‍රාග් න්‍යෂ්ටික ජිවින් ලෙස හදින්වේ.

උදාහරණ:- බැක්ටීරියා, සයනො බැක්ටිරියා

සුන්‍යෂ්ටික ජීවීන්

මොවුන් වඩාත් සංකීර්ණ සෛල සංවිධානයක් ඇති (සංවිධානය වූ න්‍යෂ්ටියක්) ඇති ජිවින්.

උදාහරණ:- දිලීර,ඇල්ගී,ප්‍රොටෝසෝවා

සෛලීය සංවිධානයක් නොමැති ජීවීන් ලෙස වෛරස පෙන්වාදිය හැකිය .

2. ක්ෂුද්‍ර ජීවීන්ගේ පෝෂණ විවිධත්වය......

ක්ෂුද්‍ර ජීවීන් පෝෂණය ලබා ගැනීම සඳහා ප්‍රයෝජනයට ගනු ලබන කාබන් ප්‍රභවය හා ශක්ති ප්‍රභවය අනුව කාණ්ඩ හතර කි.
  1. ප්‍රභා ප්‍රකාශ ස්වයංපෝෂී
  2. ප්‍රකාශ විෂමපෝෂී
  3. රසායනික ස්වයංපෝෂී
  4. රසායනික විෂමපෝෂී

ප්‍රකාශ ස්වයංපෝෂී

ශක්ති ප්‍රභවය = ආලෝකය
කාබන් ප්‍රභවය = co2(කබන් ඩයොක්සයිඩ්)
උදාහරණ :-

හරිත සල්ෆ බැක්ටීරියක්
Cyanobactiria
දම් සල්ෆර් බැක්ටීරියා
chloroium

ප්‍රකාශ විෂමපෝෂී

ශක්ති ප්‍රභවය = ආලෝකය
කාබන් ප්‍රභවය = කාබනික කාබන්( ඓන්ද්‍රිය කාබන් )
උදාහරණ :-
හරිත නො වන සල්ෆ බැක්ටීරියක්
දම් නොවන සල්ෆර් බැක්ටීරියා
Rhodopseudomonas

රසායනික ස්වයංපෝෂී

ශක්ති ප්‍රභවය = අකාබනික රසායනික ද්‍රව්‍ය
කාබන්ප්‍රභවය = co2
උදාහරණ:-
Nitrosomonas
Nitrobacter
Nitrococous

රසායනික විෂම පෝෂක

ශක්ති ප්‍රභවය = කාබනික කාබන්
කාබන් ප්‍රභවය = කාබනික කාබන්( ඓන්ද්‍රීය කාබන්)
උදාහරණ:-
බොහෝ බැක්ටීරියා, දිලීර ,ප්‍රොටෝසෝවා

3.ක්ෂුද්‍රජීවීන්ගේ ස්වසන විවිධත්වය.....

අපවෘත්තීය සඳහා ඔක්සිජන් ප්‍රයෝජනය කිරීම හා නොකිරීම අනුව(ඔක්සිජන් බන්දුතාවය) අනුව
  1. ස්වායු
  2. අනිවාර්ය නිර්වායු
  3. වෛකල්පිත නිර්වායු
  4. ක්ෂුද්‍ර වාතකාමී

ස්වායු

ශ්වසනය සඳහා ඔක්සිජන් භාවිතා කරයි

C6H12O6 + 6O2 ------->   6H2O + 6CO+ ශක්තිය
උදාහරණ:-
Acetobacter
Azotobacter
Mycobacyrium spp

අනිවාර්ය නිර්වායු

ස්වසනයට සඳහා ඔක්සිජන් භාවිතා නොකර යි.
ඔක්සිජන් නොමැති පරිසර වල වාසය කරයි .
උදාහරණ:-
Clostroidium spp

වෛකල්පිත නිර්වායු

ශ්වසනය සදහා ඔක්සිජන් ඇති විට මෙන්ම නැති විටද ස්වසනය කරයි.
ඔක්සිජන්  ඇති විට ස්වායු ස්වසනයද්
ඔක්සිජන් නැති විට පැසීම සිදුකරයි.
උදාහරණ:-
 ඊස්ට්
Saccharomyces
Eschichia coil

ක්ෂුද්‍ර වාතකාමී

ඉතා අඩු ඔක්සිජන් සාන්ද්‍ර වල වාසය කරයි.
උදාහරණ:-
Lactobacillus
ක්ෂුද්‍රජිවි කාණ්ඩ >>

Comments

Popular posts from this blog

wood joint - දැව මුට්ටු (dava muttu)

තනි දැති මූට්ටුව(single cogged joint) ද්විත්ව දැති මූට්ටුව(Double cogged joint) භාවිත:- පරාල අට්ටවාල සමග සම්බන්ද වනුයේ තනි හෝ දිවිත්ව දැති මුට්ටුවෙනි. තත්තුමලි අඩපලු මුට්ටුව(Dovetail halved joint) භාවිත:-පරාලය හා කරතලාදය අතර සම්බන්ධය අතිකිරිමට භාවිතා කරයි.. කිඹුල් කට /කයිනොක්කු මූට්ටුව(Scarf joint) භාවිත:-මුදුන් යටලි ,බිත්ති යටලි දිගින් මදිවු විට තවත්  කොටසක් මුට්ටු කිරිම සදහා යොදා ගනි. හැඩ මූට්ටුව(Splayed joint) භාවිත:-වඩිම්බු ලැලි දෙකක් මුට්ටු කිරිම සදහා යොදා ගනි. තව් කුඩුම්බි මූට්ටුව භාවිත:-උලුවහු කණු උලුවහු හිස් සමග  මුට්ටු කිරිම සදහා යොදා ගනි. පුල්ලුක්කු  මූට්ටුව මේ post  එක ඔයාලට වැදගත්    උනානම්  comments  දාගෙන යන්නත් අනෙත් යලුවන්ටත් බලන්න share  කරන්නත් අමතක කරන්න එපා... #dava muttu #දැව මූට්ටු #සිංහල #sinhala

Root truss (කාප්ප වහල-kappa vahala)

 1.ආන කුරැපා කාප්පය(queen post root truss) 2.තනි කුරුපා කාප්පය 3.රජ කුරුපා කාප්පය(king post roof truss) ICT ET SFT